නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඩී.එම්.ඒ.ඩී.දිසානායක මිය
ඔක්කම්පිටිය ජනපද මහා විද්‍යාලයය අනාගතයේදි රටම බබළවන විදුබිමක් කිරීම අරමුණු කොට ගත් කෙටි කාලීන හා දිගු කාලීන වැඩසටහන් සංවිධානය කරමින් ගුරු සිසු දෙමව්පිය සුබපතන්නන් ඇතුළු සමස්ත ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීම මූලික අභිප්‍රාය වන අතර එතුළින් අ.පො.ස සා/පෙළ, උ/පෙළ, ශිෂ්‍යත්ව ඇතුළු රජයේ විභාගවලින් ප්‍රදේශයේ විශිෂ්ටයින් බිහි කිරීමත් ක්‍රීඩාව ඇතුළු විෂය සමගාමී ක්‍රියාකාරකම් මගින් දේශීය හා ජාත්‍යන්තර තරඟ ජයග්‍රහකයින් බිහි කරමින් අනාගතයට සරිලන දූ දරු පිරිසක් බිහි කිරිමටත් කටයුතු කරමි. පාසලට ප්‍රදේශයට ආවේණික සංස්කෘතික සමාජ පරිසරයක් විනයගරුක සමාජයක් ගොඩ නංවා රට ජාතියට හිතැති ශ්‍රී ලාංකික සමාජයක් බිහිකරනු වස් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගය ඒ සඳහා බලාපොරොත්තු වෙමි.
ඩී.එම්.ඒ.ඩී.දිසානායක මිය
නියෝජ්‍ය විදුහල්පති
ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය.





