මො/ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය

පාසලේ ඉතිහාසය

මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන අප පාසලේ සියලුම දරුවන්ට සුභ පැතුම්...........

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

වර්ෂ 1952 /01/10 වැනි දින ජනපද  ගම්මානයේ පැරණි ගමේ ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එස්.ජි .ලියනගේ උවාය. පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස කේ.එම් අප්පුහාමි පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර රජයේ ප්‍රදානයක් මත නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1952 ජනවාරි 10 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත. 1961 ඔක්තෝබර් 07 දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය. />සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුලින්ම පිහිටවූ මධ්‍ය මහා විද්‍යාල අතරට අප පාසලද එක්වීම සුවිශේෂත්වයකි. ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. පාසලේ සිසුවෙකු මුල් වතාවට විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමට 1972 වසරේ සමත් වූ අතර ඉන් පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.

වර්ෂ 1952 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය  සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

2009  වර්ෂයේ සිට සිංහල  පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්,   පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 224ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 02 කින් සමන්විතය. පන්සිය හැත්ත පහක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. " 21 වන සියවසට සූසෑදි දරුවෙක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියක් විය.

 

ආරම්භ කළ වර්ෂය

1952/01/10

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

01

මුල් ගුරුතුමාගේ නම

එස්.ජි ලියනගේ

පාසලේ ආදි කතෘගේ නම

එස්.ජි ලියනගේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මො/ඔක්කම්පිටිය ජනපද විදුහල

පාසල භාරව කටයුතු කිරීම

ජි.එච්.ඩබ්.නිලුක් චාමින්ද

පාසල රජයට පවරාගත් දිනය

1954 ඔක්තෝම්බර් 07

පාසල පැවැත්වූ ස්ථානය

ඔකම්පිටිය ජනපදයේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

කේ.එම්.අප්පුහාමි 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එම්. විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1952/01/10