මො/ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය

මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන අප පාසලේ සියලුම දරුවන්ට සුභ පැතුම්...........

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

ජයතු ජයතු ඔක්කකම්පිටියේ ජනපද විදුහල් මෑණී
පුදමු පුදමු බැති මාලා පලදා සමරමු සිරිනාමේ
සුමුදු පහස ලැබ ඔබගේ තුරුලේ ජීවිත අරුණෝදේ
තබමු තබමු පා සවිය එඩිය පා සැනසෙමු පා සෙවනේ 


අප යන ගමනේ ජය මල් පිපුනේ ජයගොසමයි රැදුනේ
අප නිති සුරකින මිහිමත සුරතුර ඔබ දින දින සැරදේ 
සැරදේ....සැරදේ....සැරදේ....නිති සැරදේ 


ආශිර්වාදය අපට ලැබේමය විදුහල් මෑණියගේ 
සතර සයුර මග එතර කරන්නට දිවිය පසුර මෑණී


අවිදු අදුර හැර විදුමිණ දල්වා එලිය කරමු ජීවේ
අප නිති සුරකින මිහිමත සුරතුර ඔබ දින දින සැරදේ 
සැරදේ....සැරදේ....සැරදේ නිති සැරදේ